News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්.

489 Views


ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්.

පර්පචුවල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ලබන අගෝස්තු මස 2 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

ඔවුන්ට ඇප ඉල්ලමින් ගොනුකර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම්වල නියෝගය ඔක්තෝම්බර් මස 11වනදා ප‍්‍රකාශ කිරීමටයි අභියාචනාධිකරණ ඊයේ නියෝග කලේ.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන එම ප‍්‍රතිශෝධන පෙත්සම් ගොනු කර ඇත්තේ ඇප ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය ගත් තීරණය නීතියට පටහැනි බව පවසමින්.

ප‍්‍රශ්නගත බැදුම්කර සිද්ධිය පිලිබද ජනාධිපති කොමිසන් වාර්තවේ කරුණු පදනම් කරගනිමින් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 4 වනදායි.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post