News Line| Off Air| Games
Generic placeholder image

Jul
19

යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

340 Views


යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

යතුරුපැදි සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

ඊයේ පෙරවරුවේ කිඹුලාපිටිය ප‍්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 27 හැවිරිදි එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් මත යතුරුපැදි සොරකම්වලට සම්බන්ධ අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු 20 හැවිරිදි කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කටාන ප‍්‍රදේශයේ යතුරුපැදි 03 ක් සහ මීගමුව මිනුවන්ගොඩ සහ කටුනායක ප‍්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මසකට අධික කාලයක සිට විමර්ශන සිදුකර තිබුණා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post