ඔස්ට්‍රියානු සහණ ණය ආධාර මත ගිලන් රථ 100 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම හෙට සිදු කිරීමට නියමිතයි. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මේ අතර ඉන්දීය රජයේ ආධාර යටතේ ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර අනිද්දා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
එහි සමාරම්භක අවස්ථාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ යාපනය මහනගර සභා ක‍්‍රිඩාංගණයේදීයි.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට උත්සවය ඇමතීමට නියමිත බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුවසැරිය දෙවන අදියර සඳහා ඉන්දීය රජය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික මුදලක් ලබාදී තිබෙනවා.
ඒ යටතේ නව ගිලන් රථ 200කට අධික ප‍්‍රමාණයක් යෙදවීමට නියමිත අතර ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් 1 782ක පමණ පිරිසක් පුහුණු කර සේවයේ යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.
සුවසැරිය ගිලන් රථ සේවාවේ පළමු අදියර බස්නාහිර හා දකුණු පළාත් වල දිස්ත‍්‍රික්ක 06ක ක‍්‍රියාත්මකයි.
මේ වන විට රෝගීන් 79,000කට අධික ප‍්‍රමාණයක් එම ගිලන් රථ මගින් සේවාවන් ලබාගෙන තිබෙනවා.
Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala