News Line| Off Air
Generic placeholder image

Jul
20

කොදෙව් දේශයේදී විනය කැඩූ ජෙෆ්රි වැන්ඩසේට ක්‍රිකට් ආයතනයෙන් අමතක නොවන දඬුවමක්.

2448 Views


කොදෙව් දේශයේදී විනය කැඩූ ජෙෆ්රි වැන්ඩසේට ක්‍රිකට් ආයතනයෙන් අමතක නොවන දඬුවමක්.

ගිය මාසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය අතරතුරදී යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ විනය විරෝධී වැඩක් කරලා අතටම අහුවුනා. ජෙෆ්රි ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තරඟාවලිය අතරතුර රාත්‍රියක සමාජ ශාලාවක කාලය ගත කරලා තියෙනවා. එදින මධ්‍යම රාත්‍රියේ අනිත් ක්‍රීඩකයන් නැවත හෝටලයට ආවත් පාර හොයාගන්න බැරිවුණු ජෙෆ්රි අලුයම වනතෙක් හෝටලයට ඇවිත් නැහැ. ඉතිං ඔහුව නැවත ශ්‍රී ලංකාවට හරවා යවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරා. ඉන් පසුව ශ්‍රී ලංකාවේදී ජෙෆ්රි වැන්ඩර්සේ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වුවා. එහි අවසන් තීරණය මේ වෙද්දී මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් පරිදි වැන්ඩර්සේ කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුමේ වගන්ති කඩකරමින් විනය විරෝධිව හැසිරී ඇති බවත් ඒ අනුව වැන්ඩර්සේට වසරක අත්හිටවූ තරඟ තහනමක් පනවන්න තීරණය කරලා.


News Articles
Latest Videos
Most Popular Post