News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

ඇඹිලිපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කෙරේ.

763 Views


ඇඹිලිපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කෙරේ.

ඇඹිලිපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන බවයි විදුලි බල අමාත්‍යාංශය සදහන් කලේ.

මූල්‍ය ගැටලූවක් හේතුවෙන් ඇඹිලිපිටිය පෞද්ගලික තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු පසුගිය කාලයේ අඩාල වී තිබුනා.

ඒ හේතුවෙන් අඛණ්ඩව දකුනු පළාතට විදුලිය සැපයීමේ දුෂ්කරතාවක් මතු වූ බවයි අමාත්‍යාංශය පැවසුවේ.

කෙසේ වෙතත් එමගින් යළිත් විදුලිය ලබා ගැනීම ආරම්භ කර ඇත්තේ එම ආයතනය සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 850 ගෙවීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඇඹිලිපිටිය තාප විදුලි බලාගාරය හා සමනලවැව විදුලි බලාගාරය මගින් උත්පාදනය කරන විදුලිය හරහා ගැටලූවකින් තොරව දකුණු පළාතට විදුලිය ලබා දිය හැකි බවද විදුලි බල අමාත්‍යාංශය ප‍්‍රකාශ කලා.

Siyatha Top Story | 08:00 AM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post