ඉතාලි හා ජෝර්ජියානු නිල සංචාර නිමා කල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද යළි දිවයිනට පැමිණියා.
අද පෙරවරු 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඇතුලූ දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.
නිල සංචාරයක් සදහා ජනාධිපතිතුමා ඉතාලිය බලා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 14 වනදායි.
එහිදී ජනාධිපතිතුමා හයවන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවති විශේෂ සමුළුව අද අමතනු ලැබුවා. අනතුරුව තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාවට පැමිණියේ පසුගිය 17 වනදායි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා මෙහිදී ජනාධිපතිතුමා සහභාගී වුණා.
Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe