News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්.

534 Views


විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික විභාග වලට අදාළ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කළේ මේ වනවිට ඊට අදාළ චක‍්‍රලේඛන විභාග දෙපාර්තමේන්තුවට යොමුකර ඇතිබවයි.

වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 29 433 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වැඩි රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇත්තේ 5 044 ක් ලෙසින්.

මඩකලපුව ගම්පහ මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28 ක්.

දින 03 කට වඩා උණ පවතියි නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post