රාජ්ය දේපල අවභාවිතය යටතේ වලපනේ ප්රාදේශිය සභාවේ හිටපු සභාපතිට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ 105 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යු.බි කරලියද්ද මහතා විසින් අද ලබාදුන් නියෝගයකට අනුවයි.
එම චෝදනා යටතේ වලපනේ ප්රාදේශිය ලේකම් කාර්යයාලයේ හිටපු රියදුරෙකුට ද සිර දඩුවම් නියම කර තිබෙනවා.
මෙලෙස සිර දඩුවම් නියම කරනු ලැබුවේ වලපනේ ප්රාදේශිය සභාවේ හිටපු සභාපති හා ශ්රි ලංකා නිදහස් පක්ෂයේ වලපනේ ආසනයේ සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ වලපනේ ප්රාදේශිය සභාවේ රියදුරු ලෙස කටයුතු කල ජටිල ලාල් යන අයටයි.
2004 වසරේ කෘෂිකර්ම දෙපාර්තුමේතුවට අයත් ජිප් රථයක් අවභාවිත කිරිම සම්බන්ධයෙන් සහ බල පත්රයක් නොමැතිව ගිනි අවියක් ලගා තබා ගැනිම හේතුවෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.
මෙම දඩ මුදල් නොගෙවන්නේ නම් චුදිතයන්ට අමතර මාස 54 ක ද සිර දඩුවමක්ද මහෙස්ත්රාත්වරයා නියෝග කලා.
Siyatha Top Story | 04:00 PM | Editor : Sithara Athukorala