News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

සරත් කුමාර ගුණරත්නගේ නඩුවේ නීතිපති ස්ථාවරයට දින නියම වෙයි.

357 Views


සරත් කුමාර ගුණරත්නගේ නඩුවේ නීතිපති ස්ථාවරයට දින නියම වෙයි.

සරත් කුමාර ගුණරත්න ඇතුලූ 6 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාලව නීතිපතිවරයාගේ ස්ථාවරය අගොස්තු මස 29 වනදා දැනුම් දෙන බව කොළඹ මහාධිකරණය ප‍්‍රකාශ කලා.

ඒ ඊට අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා නියෝග කලේ බරපතල දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉදිරිපත් වූ සාක්ෂිද මෙම නඩුවට අදාල කර ගන්නා ලෙසයි.

මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට වෙන්කල රුපියල් මිලියන 14කට අධික මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු වලට යොදා ගැනීම ඇතුලූ චෝදනා 6 ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Siyatha Top Story | 05:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post