News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යයි – සිය ගණනක් අතුරුදන්.

793 Views


ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යයි – සිය ගණනක් අතුරුදන්.

ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යාමෙන් පුද්ගලයින් සිය ගනණක් අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් ජීවිත හානි රැුසක් වාර්තා විය හැකි බවයි.

ලා ඕසයේ අටාපූ ප‍්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙලෙස කැඞී තිබෙනවා. ඒ සමග ගං වතුර තත්වයක් ද හට ගෙන ඇති අතර ඉන් ගම්මාන 06 ක් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

ගං වතුර තත්වයෙන් පුද්ගලයින් 6 600 ක් අවතැන් වී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර සහ අනෙකුත් සහන ලබා දීම ආරම්භ කර ඇති බවයි ලා ඕෂ රජය සදහන් කලේ.

මේ අතර දැඩි උෂ්ණාධික කාළගුණ තත්වයෙන් බලපෑම් එල්ල වී ඇති ජපානයට ජාතික ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. .සෙල්සියස් අංශක 40 ඉක්මවූ මෙම උෂ්ණාධික කාළගුණ තත්වයෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 65 ක්.

මේ අතර ග‍්‍රීසියේ ලැව් ගිනි වලින් මිය ගිය සංඛ්‍යාව 50 ඉක්මවා තිබෙනවා.

Siyatha Top Story | 03:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post