News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

මුහුදු සීමා උල්ලංඝනය කල ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට.

480 Views


මුහුදු සීමා උල්ලංඝනය කල ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට.

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි ධිවර කටයුතු වල නිිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උතුරු නාවික නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පිරිස කන්කසන්තුරය මුහුදු සීමාවේ දී ධීවර කටයුතු වල නිරත වෙමින් සිට තිබුණා.

එම ඉන්දීය ධීවරයින් සමග ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත‍්‍රා දෙක ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් යාපනය ධිවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදී තිබෙනවා.

ඔවුන් යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු මේ වන විට ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ පසු වන බවයි නාවික හමුදාව පැවසුවේ.

Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post