News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් එක්කෝටි 77 ලක්ෂයක මුදල් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

1318 Views


විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් එක්කෝටි 77 ලක්ෂයක මුදල් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් එක්කෝටි 77 ලක්ෂ දහතුන්දහසකට අධික මුදල් තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි.

රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ සැකකරුවන් එම මුදල් නීති විරෝධි ලෙස චිනයට රැගෙන යෑමට උත්සහ කිරිමේදී රේගු භාරයට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි සහ 32 හැවිරිදි අකුරණ සහ පාමංකඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් රදවාගෙන විමර්ශන සිදුකරන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post