News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

කෙසෙල්වත්ත ලසාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට.

524 Views


කෙසෙල්වත්ත ලසාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට.

හෙරොයින් ග‍්‍රෑම් 201 යි මිලිග‍්‍රෑම් 160 ක් සමඟ පුද්ගලයෙකු වැලිකඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යයාංශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණේ ඊයේ රාති‍්‍රයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු දැනට බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්ත ලසා නැමැත්තාගේ සහයකයෙකු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පාසල් සිසුන්ට කේරල ගංජා අලෙවි කල පුද්ගලයකු සමග සැකකරුවන් හතර දෙනෙකු වැල්ලවාය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වැල්ලවාය වීරසේකරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන් සන්තකයේ තිබී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කේරළ ගංජා ග‍්‍රෑම් 25 ක් සහ යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් ඊයේ වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප‍්‍රධාන සැකකරු මේ මස තිස් එක්වනදා දක්වා ද සෙසු සැකකරුවන් අද දින දක්වා ද රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පියවර ගැනුණා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post