News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

අල්ලස් ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්.

559 Views


අල්ලස් ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්.

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයී.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අය ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ නඩුව අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදායි.

ජනාධිපති ලේකම් කාර්යයාලයේ ප‍්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනුනේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ රාති‍්‍රයේ සිදුකළ වැටලීමකදී යි.

රුපියල් කෝටි 10 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මෙම වැටලීම සිදු කර තිබුණා.

කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයක් තුළ දී මෙම ගනුදෙනුව සිදුව තිබුනේ විදේශීය සමාගමක කොටස් හුවමාරුවකට අදාළවයි.

පුද්ගලික සමාගමක් වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍‍්‍ර සුත‍‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post