News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

අන්තරේ පා ගමනට පොලීසියෙන් කඳුලු ගෑස්.

858 Views


අන්තරේ පා ගමනට පොලීසියෙන් කඳුලු ගෑස්.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලීසිය විසින් ජල සහ කඳුලු ගෑස් ප‍්‍රහාර එල්ල කලා.

ඒ විරෝධතාකරුවන් කොලඹ ලෝටස් මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්්‍යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කල අවස්ථාවේදීයි.

ඒ අනුව මේ වන විට ලෝටස් මාර්ගය තවදුරටත් තාවකාලිකව වසා දමා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව දැඩි රථවාහන තද බදයක් හටගෙන ඇති බවයි.

එම ප‍්‍රදේශ තුල ගමනාගමනයේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දී සිටින්නේ.

මහපොල ශිෂ්‍යත්වය රුපියල් 5 000 ක් දක්වා ඉහල දමන ලෙස රජයට බල කරමින් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ එම විරෝධතා පාගමන ආරම්භ කලේ පුංචි බොරැුල්ල නගර මධ්‍යයෙන්.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post