News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

මැදවච්චියේ බස් රථ අනතුරකින් 19 දෙනෙකුට තුවාල.

474 Views


මැදවච්චියේ බස් රථ අනතුරකින් 19 දෙනෙකුට තුවාල.

මැදවච්චිය, පූනෑව ප‍්‍රදේශයේ අද උදෑසන බස් රථයක් ගසක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු බස් රථයක්.

පොලිසිය පැවසූවේ රියදුරුට නින්දයාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති බවයි. අනතුරින් බස් රථයේ ඉහළ ආවරණය ගැලවී ගොස් තිබෙනවා. තුවාල ලබූවන් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ වව්නියාව රෝහලටයි.

අනතුරට ලක්වූවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවයි මැදවච්චිය පොලිසිය සදහන් කළේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post