News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

පාකිස්ථාන මහ මැතිවරණය ආරම්භ වේ.

473 Views


පාකිස්ථාන මහ මැතිවරණය ආරම්භ වේ.

පාකිස්ථාන මහ මැතිවරණය එරට වේලාවෙන් ආරම්භ වුණා. අද පෙරවරු 8.00 ට පකිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික සංඛ්‍යාවක ඡන්ද ප‍්‍රකාශ කිරීම සිදුවනවා.

නව රජයක් පත්කර ගැනීමේ අපේක්ෂාවෙන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ පකිස්ථාන වැසියන් අද සිය ඡුන්දය භාවිත කරනු ඇති. මැතිවරණ ආරක්ෂාව සඳහා නිලධාරීන් තුන්ලක්ෂ 71,000 ක් අනුයුක්ත කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට අධිකරණ බලතල ලබාදීමට ද එරට රජය පසුගියදා පියවර ගත්තා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන මැතිවරණයේදී මැතිවරණ අක‍්‍රමිකතා සිදුවීමේ වැඩි ප‍්‍රවණාතාවක් ඇති බවයි විචාරකයින් පවසන්නේ. පකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලය සහ පළාත් සභාවන් 4 ක් සඳහා සභිකයින් පත් කර ගැනීම සදහා වන මැතිවරණය අද පැවැත්වෙනවා.

මැතිවරණයෙන් ජාතික සභාවේ ආසන 272 ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වී ඇති ඡුන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 106 ක්.

මෙවර මැතිවරණයේදී, හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් කාන් තරග වදින පී.ටී.අයි පක්ෂය, හිටපු අගමැති නවාස් ශරිෆ්ගේ පී.එම්.එල්.එන් පක්ෂය පරාජය කරනු ඇති බවයි බොහෝ දෙනා අනුමාන කරන්නේ. මැතිවරණය සදහා කාන්තා අපේක්ෂකයින් 171 ක් දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post