News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

කොළඹ නගරයේ හෙට විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ මෙන්න.

949 Views


කොළඹ නගරයේ හෙට විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ මෙන්න.

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

කොළඹ 03 04 05 06 07 08 යන ප‍්‍රදේශ වලට මෙම විදුලි කප්පාදුව සිදු වනවා.

කොළඹ 03 ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වන්නේ ගාලූපාර එඞ්වඞ් පාර 08 වන පටුමග පාසල් පටුමග ඇල්ෆ‍්‍රඞ් හවුස් පාර්ක් ග්ලේන් ඇබර්ට් පෙදෙස පහළ බගතලේ පාර බගතලේ පාර යන ප‍්‍රදේශවලටයි.

කොළඹ 04 ප‍්‍රදේශයේ ගාලූ පාර ඉන්ද්‍රා පාර හේග් මාවත වජිර පාර ආර් ඊ ද මෙල් මාවත බම්බලපිටිය ටෙරස් උපතිස්ස මාවත ලෝරිස් මාවත බෞද්ධාලෝක මාවත මැජෙස්ටික් ඇවනිව් ජාවත්ත මාවත යන ප‍්‍රදේශවලට විදුලිය විසන්ධි වනවා.

කොළඹ 05 ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වන්නේ තිඹිරිගස්යාය පාර චිත‍්‍රා මාවත කැප්පෙටිපොළ මාවත යන ප‍්‍රදේශවලටයි.

ටොරින්ටන් මාවත විජේරාම මාවත විද්‍යා මාවත බෞද්ධාලෝක මාවත නිදහස් චතුරස‍්‍ර මාවත මලලසේකර මාවත යන ප‍්‍රදේශ කොළඹ 07 ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වන ප‍්‍රදේශයි.

හෙට පෙරවරු 09 00 සිට පස්වරු 03 දක්වා අදාළ ප‍්‍රදේශ වලට විදුලිය විසන්ධි කරන බවයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සදහන් කලේ.

මේ අතර ලබන 31 වනදා දක්වා එම ප‍්‍රදේශ වලට කඩින් කඩ විදුලිය අත්හිටුවන බවයි එම අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කලේ.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post