News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

පොත් කියවන බන්ධනාගාර රැදවියන්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීමට යෝජනාවක්.

492 Views


පොත් කියවන බන්ධනාගාර රැදවියන්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීමට යෝජනාවක්.

පොත් කියවන රැදවියන්ගේ දඬුවම් කාලයෙන් යම් කාල සීමාවක් ලිහිල් කිරිමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ අද පැවති උත්සවයක් අමතමින්.

ඊට අදාළ යෝජනවා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මෙහිදී තමන් පොතක් කියවුයේ නම් ඒ පොත පිළිබඳව සමාලෝචනයක් හො කෙටි විචාරයක් සිදු කර රැදවියන් විසින් ඉදිරිපත් කළ යුතු වනවා.

එය යම් කිසි විනිශ්චයකට ලක් කර දඬුවම් කාලයෙන් යම් කාල සීමාවක් ලිහිල් කිරිමට යේාජනා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post