News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලි කප්පාදුවක්.

608 Views


කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලි කප්පාදුවක්.

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

කොළඹ 03, 04, 05, 06, 07, 08 යන ප‍්‍රදේශ වලට මෙම විදුලි කප්පාදුව සිදු වනවා.

හෙට පෙරවරු 09 00 සිට පස්වරු 03 දක්වා අදාළ ප‍්‍රදේශ වලට විදුලිය විසන්ධි කරන බවයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සදහන් කලේ.

මේ අතර ලබන 31 වනදා දක්වා එම ප‍්‍රදේශ වලට කඩින් කඩ විදුලිය අත්හිටුවන බවයි එම අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කලේ.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post