News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

වැලිකඩ රැඳවියන් 06 දෙනෙක් විශේෂ කුටියකට.

870 Views


වැලිකඩ රැඳවියන් 06 දෙනෙක් විශේෂ කුටියකට.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 6 දෙනෙකු වෙනම රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලේ ඔවුන් සංවිධානාත්මක අපරාධ ක‍්‍රියා සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් බවයි.

ඔවුන් රඳවා ඇති ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසර ලත් විශේෂ නිලධාරීන් පිරිසකට පමණයි. අදාළ රැඳවියන් සම්බන්ධයෙන් විශේෂ අවදානයකින් කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය ඊයේ විසුරුවා හැරුණා. ඒ, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මතයි.

විවිධ දූෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමකින් අනතුරුව මෙම තීරණය ගත් බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post