News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

ඉන්දියාව සමග සාකච්ඡාවකට ඉමිරාන් ඛාන් සූදානම්.

1501 Views


ඉන්දියාව සමග සාකච්ඡාවකට ඉමිරාන් ඛාන් සූදානම්.

ඉන්දියාව සමග සංවාදයකට තමන් සූදානම් බව පාකිස්ථානු මහ මැතිවරණයෙන් ජය ලබා සිටින පීටීඅයි පක්ෂ නායක ඉම්රාන් ඛාන් පවසනවා. ඉන්දියාව තමන් දෙසට එක් පියවරක් තැබුවොත් තමන් ඒ දෙසට පියවර දෙකක් තබන බවයි ඊයේ ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉම්රාන් ඛාන් පවසන්නේ වර්තමානයේ පකිස්ථානයේ දූෂණය පිළිකාවක් බවට පත්ව ඇති බවයි. එය විනාශ කිරීමට නිසි ප‍්‍රතිකර්ම යොදන බව ද ඔහු සදහන් කලා.

එමෙන්ම තම පරිපාලනය යටතේ නීතිය සැමට සමාන වන බව ද ඉම්රාන් ඛාන් පවසනවා. පාකිස්ථාන දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය මට්ටම් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරන බව පවසන ඔහු කියා සිටින්නේ එරට දරුවන්ගෙන් සියයට 80 කට අධික ප‍්‍රමාණයක් පානය කරන්නේ අපිරිසිදු ජලය බවයි.

දරුවන් වෙනුවෙන් තමන්ගේ පළමු ව්‍යාපෘතිය ඔවුන්ට පිරිසිදු ජලය ලබා දීම බවට ද ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සදහන් කලා.

මේ අතර 1992 ලෝක ශූර ක‍්‍රිකට් කණ්ඩායමේ ඉම්රාන් ඛන්ගේ සගයා වූ වසීම් අක‍්‍රම් ට්වීටර් පණිවුඩයක් යොමු කරමින් සුබ පැතුම් පිරිනමා තිබෙනවා. 1992 ඔබගේ නායකත්වය යටතේ ලෝක ශූරයන් වූ අපට යළිත් ඔබගේ නායකත්වය යටතේ ශ්‍රේෂ්ඨ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට පත් වීමට අවස්ථාව උදා වී ඇති බව ඔහු එහි සදහන් කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post