පකිස්ථාන මහ මැතිවරණයේ දැනට නිකුත් වී ඇති ප‍්‍රථිඵල අනුව ජයග‍්‍රහණය සනාථ කරගෙන සිටින හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් සිය තාරික් ඊ ඉන් ෂාෆ් පක්ෂය සමග අන් පක්ෂ සන්ධානගත කිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
සුළු පක්ෂවල සහායෙන් ආණ්ඩුවක් පිහිටුවීමට ඉම්රාන් ඛාන් කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පූර්ව මැතිවරණ ප‍්‍රථිඵලවලට අනුව ජාතික සභාව සදහා පැවති ආසන 272 කින් ආසන 118 ක ජය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට හිමිව තිබෙනවා. නමුත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවම ආසන 137 ක බලය පිහිටුවා ගත යුතුයි.
හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ පක්ෂය දෙවන ස්ථානයට පත්ව ඇති අතර හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ පක්ෂයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි මිලියන 106 කට ආසන්න ඡුන්ද දායකයන්ගෙන් සියයට 50 ත් – සියයට 55ත් අතර පිරිසක් පමණක් ඡන්දය භාවිත කර තිබෙනවා.
1992 වසරේ පාකිස්ථානයට කි‍්‍රකට් ලෝක කුසලානය හිමිවුණේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේයි. 1996 වසරේදි දේශපාලනයට පිවිසි ඔහු වසර 22 කට අධික කාලයක් දේශපාලනයේ නිරතව සිටිනවා.