News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

ඉංගිරිය පොලීසියේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට.

618 Views


ඉංගිරිය පොලීසියේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට.

ඉංගිරිය පොලීසියේ සේවය කල පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාල පොලිස් නිලධාරීන් තුන්දෙනා විසින් නීති විරෝධී ලෙස හමුදා සෙබළෙකු සහ ආබාධිත පුද්්ගලයෙකු අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.

පොලිසිය සඳහන් කළේ, ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කල උප පොලිස් පරික්ෂකවරයා සාජන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවයි.

මාර්ගයක සිටි හමුදා සෙබළාව සහ ආබාධිත පුද්්ගලයාව අදාල පොලිස් නිලධාරීන් තුන් දෙනා විසින් පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන තිබුනේ ඊයේ රාත‍්‍රියේදීයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි එම ස්ථානයේ සිටි උප පොලිස් පරික්ෂකවරයා බීමත්ව සිටි බව ද පොලීසිය සදහන් කලා.

බසිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post