News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

උසස්පෙළ උපකාරක පංති අනිද්දා සිට තහනම්.

837 Views


උසස්පෙළ උපකාරක පංති අනිද්දා සිට තහනම්.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අතිරේක පංති, සම්මන්ත‍්‍රණ සහ ඒ ආශ‍්‍රීත ක‍්‍රියාකාරකම් නැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා.

උසස් පෙළ විභාගයට අදාළව අතිරේක පංති පැවැත්වීම, සම්මන්ත‍්‍රණ දේශන ආදිය සංවිධානය කිරීම තහනම් වන්නේ ලබන 31 වනදා මධ්‍යම රාත‍්‍රියෙන් පසුවයි.

ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඉගැන්වීම් කටයුතු ලබන මස පළමු වැනිදා මධ්‍යම රාත‍්‍රියෙන් පසු නතර කල යුතු බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කළා.

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වනවා. පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මස පස් වනදායි.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post