News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

ආනයන සහ අපනයන හිටපු පාලක යලි රිමාන්ඩ්.

471 Views


ආනයන සහ අපනයන හිටපු පාලක යලි රිමාන්ඩ්.

ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලක මහගමගේ ගාමිණී මහතා ලබන 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී යි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදිනට පරීක්ෂණ වල ප‍්‍රගතිය වාර්තා කරන ලෙසයි අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ.

රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්භන්ධයෙන් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයාට එරෙහි චෝදනාව වෙනවා.

ජපානයේ සිට ආනයනය කළ වසර දහයකට වඩා පැරණි වාහන දෙකක් නිත්‍යානුකූල ආකාරයෙන් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post