News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

කාම්බෝජ මහ මැතිවරණයෙන් කාම්බෝජ මහජන පක්ෂයට ජය.

557 Views


කාම්බෝජ මහ මැතිවරණයෙන් කාම්බෝජ මහජන පක්ෂයට ජය.

කාම්බෝජ මහ මැතිවරණයෙන් එරට අග‍්‍රාමාත්‍ය හුන් සෙන්ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග‍්‍රහණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පාර්ලිමේන්තුවේ ආසන 125 න් 100 ක බලය පාලක පක්ෂය සතුව ඇති බවයි.

ඡන්ද දායකයින් සියයට 82 කට අධික පිරිසක් ඡන්දය භාවිත කර තිබූ බව සදහන්.

මෙවර කාම්බෝජයේ මහ මැතිවරණය සදහා දේශපාලන පක්ෂ 20 ක් ඉදිරිපත්ව සිටියා. නමුත් ඒ අතරින් අග‍්‍රාමාත්‍යවරයාට අභියෝග කළ හැකි එකම පක්ෂය වූයේ කාම්බෝජ ගලවාගැනීමේ පක්ෂයයි.

මැතිවරණයය පැවැත්වූ කාල සීමාව තුළ එරට සියලූම ප‍්‍රධාන මාධ්‍ය ජාල අවහිර කොට තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 65 හැවිරිදි අග‍්‍රාමාත්‍ය හුන් සෙන් වසර 33 ක් තිස්සේ කාම්බෝජයේ බලය හොබවනු ලබනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post