News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

දෙහිවල නිවසකින් හෙරොයින් පාර්සලයක් හමුවෙයි.

586 Views


දෙහිවල නිවසකින් හෙරොයින් පාර්සලයක් හමුවෙයි.

දෙහිවල ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග‍්‍රෑම් 886 ක් අඩංගු පාර්සලයක් සොයාගෙන තිබෙනවා. ඒ දෙහිවල පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

අදාළ නිවස බංගලාදේශ කාන්තාවක් කුලියට ගෙන ඇති නිවසක් බවයි පොලිසිය සදහන් කළේ. නිවස පරීක්ෂා කිරීමේදී ඇය නිවසෙහි සිට නැහැ. සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා දෙහිවල පොලිසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 02 ක් සහ අයිස් මිලි ග‍්‍රෑම් 830 ක් සමග තවත් සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post