පොලිසීයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පුද්ගලයාගේ ඥාතී කාන්තාවන් තිදෙනෙකු ඊට බාධා කල බවයි පොලීසිය පැවසුවේ.
හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අනෙක් කාන්තාවන් තුන් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට අවහිරය, සාපරාදී බලහත්කාරය හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා සම්බන්ධයෙන්.
මේ අතර හයිලෙවෙල් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට තරමක බාධා මතුව තිබෙනවා. ඒ හංවැල්ල පහත්ගම ප‍්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.
Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe