News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

ජපුර සිසුන් උද්ඝෝෂණයක.

357 Views


ජපුර සිසුන් උද්ඝෝෂණයක.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සුබ සාධක ගැටලූවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින්

සිසුන් පවසන්නේ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තම ගැටලූවලට විසදුම් ලබාදීමට පියවර නොගන්නා බවයි.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලූ‍ම පීඨ වසා දැමීම සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමක් බව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වසන්ත අල්විස් මහතා සදහන් කලේ විශ්ව විද්‍යාලය වසා දැමීමට විරෝධය දක්වා ඉදිරි සතිය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය වැටලීමට සූදානම් බවයි.

මේ අතර හක්මන මාතර ප‍්‍රධාන මාර්ගය නාදුගල මංසන්ධියෙන් අවහිර කරමින් ප‍්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා.

ඒ අධිවේගී මාර්ගය හේතුවෙන් අබලන්ව ඇති අත්තුඩාව මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින්.

බලධාරීන්ව ඒ සම්බන්ධයෙන් මීට පෙර කිහිපවරක් දැනුවත් කළ ද මාර්ගය පිළිසකර කිරිම සදහා මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප‍්‍රදේශවාසීන් චෝදනා කර සිටියා

Siyatha Top Story | 02:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post