News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

ජාලියට යළි විවෘත වරෙන්තුවක්.

564 Views


ජාලියට යළි විවෘත වරෙන්තුවක්.

ඇමෙරිකාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද යළි විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ නඩුව අද කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාග කළ අවස්ථාවේදීයි.

එමෙන්ම ජාලිය වික‍්‍රමසූරියට ඇප ලබාදුන් ඔහුගේ බිරිද සහ ඥාති සහෝදරියකට ද නැවත වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත‍්‍රාත්වරිය පියවර ගත්තා. නඩුව ලබන මස 27 වනදා යළි කැදවීමට නියමිතයි

ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය අපේ‍්‍රල් 24 වනදා ද විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා.

ඇමෙරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යයාලය සදහා ගොඩනැගිල්ලක් ලබාගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීම විත්තිකරුට එරෙහි චෝදනාවයි.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post