News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

කම්කරු නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක.

425 Views


කම්කරු නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක.

රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් කම්කරු නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින්.

ඒ අනුව දිවයින පුරා සිටින සියලූ කම්කරු නිලධාරීන් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුතු වලට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය සදහන් කලේ සිය නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට හිමි දීමනා ලබාගනිමින් සිටියදී ඒවා අල්ලස් ලෙස අර්ථ කථනය කරමින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් බැවින් ඒ සඳහා රජය කඩිනම් මැදිහත් විය යුතු බව එම සංගමය ප‍්‍රකාශ කලා.

රුපියල් 9 000 ක අල්ලස් මුදලක් ලබා ගත් කම්කරු කොමසාරිස් කාර්යාල නිළධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනයේ දීයි.

නුවරඑළිය කම්කරු අධිකරණයේ විභාග වන නඩුවකට සාක්ෂි ලබා දීම සදහා අදාළ කම්කරු නිළධාරීන් දෙදෙනා රුපියල් 9 000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබුණා.

නානුඔය ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත මෙම මුදල් ලබා දීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post