News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

රත්නපුර නියදගල කන්දේ ඇති වූ ගින්න සම්භන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට.

530 Views


රත්නපුර නියදගල කන්දේ ඇති වූ ගින්න සම්භන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට.

රත්නපුර නියදගල කන්ද හෙවත් ආදර කන්දේ ඇති වූ ගින්න සම්භන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ හට ගත් මෙම ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ
ගින්නෙන් අක්කර 100 ක පමණ භූමි ප‍්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

ආදර කන්ද තරණය කල මිතුරන් තුන් දෙනෙකු එහි දැල්වූ ගිනි මැලයක් මගින් ගින්න ව්‍යාප්ත වී ඇති බවයි අණාවරණය වී ඇත්තේ.

මේ දින වල බොහෝ ප‍්‍රදේශ වලට පවතින වියළි කාලගුණික තත්වය මත සතුන් දඩයම් කිරීමේ අරමුණින් ඇතැමු පුද්ගලයන් රක්ෂිත වලට ගිනි තබන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post