News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

දෙවන වාර පාසල් නිවාඩුව අගෝස්තු මස 03 වනදා සිට.

2517 Views


දෙවන වාර පාසල් නිවාඩුව අගෝස්තු මස 03 වනදා සිට.

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල දෙවන පාසල් වාරය අගෝස්තු මස 03 වනදා අවසන් වනවා. තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේ.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අගෝස්තු මස 20 වනදා අවසන් වනවා. එම පාසල් වල තෙවන පාසල් වාරය අගෝස්තු මස 27 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර බඹරු කුඩූ දෙකක් ඇවිස්සීම හේතුවෙන් වැල්ලවාය කිතුල්කෝටේ මහා විද්‍යාලය අදත් වසා දමා තිබෙනවා.

අලූ‍තින් ඉදිවන ගොඩනැගිලි දෙකක තිබූ මෙම බඹර කූඩූ ඊයේ ඇවිස්සී ඇති අතර එම තත්වය මත දෙමාපියන් සිය දරුවන් යළි නිවෙස් වෙත කැදවා ගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ඒ හේතුවෙන් ඊයේ දිනයේ දී විද්‍යාලයේ අධ්‍යන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වුණා. මෙම බඹර කූඩු ඉවත් කරන බැවින් පාසල අද දිනයේදීත් වසා දමා තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post