News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අගමැති හමුවෙයි.

570 Views


පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අගමැති හමුවෙයි.

දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේ දීයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීම ඇතුලූ කරුණු කිහිපයක් සම්භන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කර තිබෙනවා.

සංචාරය අතරතුරදී පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ ද සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි.

දින 05 ක නිල සංචාරයක් සදහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අද දහවල් දිවයිනට පැමිණියා.

ඇය සමඟ තවත් නියෝජිතයින් සිව් දෙනෙක් ද පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සදහන් කලේ.

Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post