ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රි ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා යන ආයතනවල අක‍්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 5 කින් දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් සදහන් කළේ ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා එම කොමිසමේ කාලය දීර්ඝ කළ බවයි.
කොමිසමේ නිල කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.
ජනාධිපතිතුමා විසින් මෙම කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවේ පසුගිය ජනවාරි මස 31 වනදායි.
2006 ජනවාරි මස 31 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා වු කාලය තුල අදාළ සමාගම්වල සිදු වු අක‍්‍රමිකතා විමර්ශනය කිරිම මෙම කොමිෂන් සභාව මගින් සිදු කෙරෙනවා.
ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම මේ දිනවල සිදු කෙරෙන අතර එම කටයුතු ආරම්භ වුණේ පසුගිය ජුනි මස සිව්වනදායි.
Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala