වැල්ලවත්ත ප‍්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙදුන පිරිසකට පොලීසිය විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාත‍්‍රී 11.40 ට පමණ මෙය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.
වැල්ලවත්ත ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් හෙරොයින් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ජිප් රථයකින් හා ත‍්‍රීරෝද රථයකින් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී එක්වරම මෝටර් රථය නවතා තැබූ ස්ථානයෙන් වේගයෙන් පලා යෑමට තැත් කර ඇති අතර, එම ස්ථානයේ සිිටි පොලිස් කොස්තාපල්වරයෙකු රථයේ ගැටී තිබුණා.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.
සැකකරුවන් මෝටර් රථයෙන් පලා යෑමට තැත් කිරීමේදී පොලිස් නිලධාරීන් පැමිණි ත‍්‍රීරෝද රථයේ ගැටී තිබුණා.
ඒ සමඟම එම ස්ථානයේ සිටි වෙනත් පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් රථයට වෙඩි තබා ඇති බවයි පොලිසිය සදහන් කළේ.
වෙඩි තැබීමෙන් මෝටර් රථයේ සිටි, හෙරොයින් ජාවාරමේ ප‍්‍රධානතම සැකකරුටතුවාල සිදුව ඇති අතර ඔහු ද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.
සැකකරු 39 හැවිරිදි ගෝනපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයාට පිළියන්දල හා කොහුවල ප‍්‍රදේශවල නිවාස ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔහු මීට පෙර ද හෙරොයින් ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙක්.
හෙරොයින් ජාවාරම සිදු කළ මෝටර් රථයේ සිටි රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala