News Line| Off Air| Games
Generic placeholder image

Aug
1

රතු වර්ණය යුතු ප‍්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් වෙළෙඳපොළේ.

837 Views


රතු වර්ණය යුතු ප‍්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් වෙළෙඳපොළේ.

රතු වර්ණය යුතු ප‍්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ වෙළෙඳපොළේ කළ වැටලීම්වලින් මේ පිළිබඳව අනාවරණය වූ බවයි.

පරිප්පු පිසීමේදී පැහැය වෙනස් වන්නේ නම් වහාම ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන ලෙසයි මහේන්ද්‍ර බාලසූරිය මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

දැනට මෙම පරිප්පු විශේෂය සොයාගෙන ඇත්තේ අනුරාධපුර හා රත්නපුර දිස්ත‍්‍රික්කවල වෙළෙඳ සල්වල විකිණීමට තබා තිබියදීයි.

මේ අතර බීම බෝතල් වල කල් ඉකුත් වූ දිනය වෙනස් කොට අලෙවි කළ වැල්ලවාය ප‍්‍රදේශයේ වෙළදසැලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලා තිබෙනවා.

එම කල් ඉකුත් වූ බීම බෝතල් ද හොද තත්ත්වයේ පවතින බීම බෝතල් සමගින් මිශ‍්‍ර කර සූක්ෂම ලෙස වෙලදසැල් වලට මුදා හැරි ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

කල් ඉකුත් වූ භාන්ඩ අලෙවි කල වැල්ලවාය ප‍්‍රදේශයේ තවත් වෙලදසැල් තුනක් ද වටලා ඇති අතර අදාළ වෙළදසැල් හිමියන් අනිද්දා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වසරේ මුල් මාස 06 තුළ කළ වැටලීම් 1 576 කින් නඩු 4 762 ක් පැවරූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම නඩුවලින් අය කර ගෙන ඇති දඩ මුදල රුපියල් එක්කෝටි 21 ලක්ෂ 76 000 ක්. ආහාර නිෂ්පාදනවල ලේබල් නොගැසීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, ආපන ශාලා හා ආහාර නිෂ්පාදනය කරන ස්ථාන අපිරිසිදුව පවත්වාගෙන යාම ආදී චෝදනා රැසක් සම්බන්ධයෙන් එම නඩු පවරා තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post