News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්.

546 Views


මිනුවන්ගොඩ වෙඩි තැබීමක්.

මිනුවන්ගොඩ යටියන හන්දිය ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද පෙරවරු 11:10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය සදහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙක්.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක කි‍්‍රයාවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මිනුවන්ගොඩ පොලිසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.

වසරේ ගත වූ මාස 07 ක කාලය තුළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් 28 ක් වාර්තා වී තිබෙනවා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post