News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

ස්විට්සර්ලන්තයේ ගුවන්යානා අනතුරකින් 23 ක් මරුට.

619 Views


ස්විට්සර්ලන්තයේ ගුවන්යානා අනතුරකින් 23 ක් මරුට.

ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන්යානා 2ක් ඇල්ප්ස් කදුකරයේ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කලේ එම ගුවන් යානා මුහුදු මට්ටමේ සිට අඩි 8 000ක පමණ ඉහලින් පිහිටි කදුකරයේ ගැටී ඒ ආශ‍්‍රිත වනාන්තරයකට කඩා වැටී ඇති බවයි. පැයක කාලයක් ඇතුලතදී ගුවන් යානා 2 ක අවස්ථා 2 කදී එලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්

එහිදී පලමු ගුවන් යානයේ සිටි එකම පවුලේ පුද්ගලයන් සිවු දෙනෙකු ු මිය ගොස් ඇති අතර 2 වන ගුවන යානයේ සිටි නියමුවන් දෙදෙනා ඇතුලූ පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ වන විට ජීවිතාරක්ෂක මෙහෙයුම් සදහා හෙලිකොප්ටර් යානා 5 ක් පමන යොදවා ඇති බවයි.

Siyatha Top Story | 03:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post