News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

මොණරාගල රිය අනතුරකින් තුන්දෙනෙකු මරුට.

821 Views


මොණරාගල රිය අනතුරකින් තුන්දෙනෙකු මරුට.

මොණරාගල ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුන්දෙනෙකු මියගොස් තවත් එක් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ රාතී‍්‍ර 10:45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් තී‍්‍රරෝද රථයක ගැටීමෙන්.

අනතුරින් ත‍්‍රීරෝද රථයේ රියදුරු ඇතුලූ පිටුපස ගමන් ගත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමේදී තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නුගලන්ද විල ඔය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය සදහන් කළේ. මියගිය අය අතරට 22 හැවිරිදි තරුණයෙකු 19 හැවිරිදි තරුණියක් සහ 08 හැවිරිදි පිරිමි දරුවෙකු ද ඇතුළත්. බරපතල තුවාල ලැබූ 49 හැවිරිදි කාන්තාව තවදුරටත් මොණරාගල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි මොණරාගල පොලිසිය සදහන් කළේ.

මීට අමතරව කිලිනොච්චිය සහ පිළියන්දල ප‍්‍රදේශවල සිදුවූ රිය අනතුරු 02 කින් ද පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post