News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම්.

615 Views


පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම්.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් නිලධාරින් 20 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පති ධුර 6ක්, පොලිස් අධිකාරී ධුර 3ක්, සහකාර පොලිස් අධිකාරී ධුර 2ක්, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධුර 3ක් සහ පොලිස් පරීක්ෂක ධුර 6 ක ස්ථාන මාරුවීම් මෙලෙස සිදුකර ඇති බව සදහන්.

අපරාධ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති එල් එච් කේ ඩබ්ලිව් කේ සිල්වා මහතා මාරුකර යවා ඇත්තේ අපරාධ, නීති සහ විනය හා කල් කි‍්‍රයා දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

බස්නාහිර උතුර දිසාවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

ප‍්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි පොලිස් අධිකාරී ඩබ්ලිව් ඒ ඞී ජී ජයලත් මහතා මාරුකර යවා ඇත්තේ දේපළ කළමණාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසයි.

සහකාර පොලිස් අධිකාරී බී ඒ ඊ ප‍්‍රසන්න මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post