වාද්දුව ප‍්‍රදේශයේ පුද්ගලයන් සිවුදෙනෙකු රෝහල් ගත වීම සිදුවූ වෙරළ සාදය සදහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමිින් විශාල ලෙස පූර්ව ප‍්‍රචාරයක් සිදු කර ඇති බව මූලික පරීකෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩ පරීක්ෂණ සිදු වන බවයි.
වාද්දුව ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර පුද්ගලයින් සිව් දෙනෙකු හදිසියේ රෝගාතුර වූයේ පසුගිය 4 වනදා රාති‍්‍රයේදීයි.
ප‍්‍රතිකාර සදහා පානදුර රෝහලට ඇතුළත් කල ඔවුන්ගෙන් 03 දෙනෙකු ඊයේ මිය ගියා. ප‍්‍රතිකාර ලබන අනෙක් පුද්ගලයාගේ තත්වයද බරපතල බවයි පානදුර මූලික රෝහල සදහන් කලේ.
මොවුන් මත්පෙති භාවිත කිරීමෙන් ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් මෙම රෝගී තත්වය හටගෙන ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. සිද්ධියෙන් මිය ගියේ කැස්බෑව සහ දිවුලපිටිය යන ප‍්‍රදේශ වල පදිංචිව සිටි 20 31 සහ 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයින් තුන් දෙනෙක්.
Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe