News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

බුලත්සිංහල මුදල් කොල්ලයට අදාලව පස් දෙනෙක් අත්අඩංගුවට.

498 Views


බුලත්සිංහල මුදල් කොල්ලයට අදාලව පස් දෙනෙක් අත්අඩංගුවට.

බුලත්සිංහල, නාරගල ප‍්‍රදේශයේ පසුගියදා සිදුවූ මුදල් කොල්ලය සම්බන්ධයෙන් පුද්ගලයන් පසු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කලේ අදාල මුදල් කොල්ලය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කල අඛණ්ඩ මෙහෙයුමේදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.

ATM යන්ත‍්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් වෑන් රථයකින් රැුගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් සැකකරුවන් පිරිසක් විසින් කොල්ලකා තබුණේ පසුගිය 29 වනදායි.

ජිප් රථයෙන් පැමිණි කොල්ලකරුවන් විසින් මුදල් රැුගෙන යමින් සිටි පිරිසට මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කර මුදල් රැුගෙන පලාගොස් තිබුණා.

මුදල් රැුගෙන යන කණ්ඩායමේ සිටි ආරක්ෂක නිලධාරියෙකු සහ වෑන් රථයේ රියදුරු සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට එදිනම අත්අඩංගුවට ගැණුනා.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post