නිලාවැලි මුහුදු තීරයේ දියේ ගසා ගෙන යමින් සිටි පුද්ගලයින සිව් දෙනෙකු බේරා ගෙන තිබෙනවා. ඒ පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින්. විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසෙන් දෙනෙකු මෙම අනතුරට මුහුණ දී තිබුණා.
මේ අතර තිස්සමහාරාම, කිරින්ද මුහුදු තිරයේ දී දියේ ගිලි අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. කෝස්ගාඞ් නාවික හමුදා කඳවුර පිටුපස මුහුදු තීරයේ තිබී මළ සිරුරු සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. කිරින්ද මුහුදු තිරයේ දිය නාමින් සිටිය දී මෙම එකම පවුලේ පිරිමි ළමුන් දෙදෙනා පසුගිය 04 වනදා අතුරුදන් වුණා. ඥාතීන් පිරිසක් සමග විනෝද ගමනක් පැමිණි අවස්ථාවේ මෙය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ඌරුබොක්ක ප‍්‍රදේශයේ පදිංචිව සිටි 20 හා 22 හැවිරිදි වියේ පසු වූ තරුණයින් දෙදෙනෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා.
අම්බලන්තොට, මාමඩල ප‍්‍රදේශයේ දීද නාන තොටුපලක දියනාමින් සිටි 15 හැවිරිදි දරුවෙකු ද දියේ ගිලි ජිවිතක්ෂයට පත් ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe