News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

අනුරාධපුර මහ නගර සභාවේ මුදල් වංචාව සම්භන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට.

638 Views


අනුරාධපුර මහ නගර සභාවේ මුදල් වංචාව සම්භන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට.

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බවට පැවසෙන මුදල් වංචාව සම්භන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ එම නගර සභාවේ ප‍්‍රධාන ලිපිකරුවන් සිව් දෙනෙකු හා ආදායම් පාලකවරයායි.

රුපියල් තුන් කෝටි 87 ලක්ෂ 94 000 ක මුදලක් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කල පරීක්ෂණ වලදී අණාවරණය වී තිබෙනවා.

2013 වසරේ සිට 2018 වසර දක්වා මෙම වංචාව සිදු කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

සිිද්ධිය සම්භන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය පසුගිය 04 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post