News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් අද.

462 Views


විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් අද.

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පස්වරු 03:00 ට පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා.

කතානායක කරූ ජයසූරිය මහතා සදහන් කළේ විපක්ෂ නායක ධූරය පිළිබද ස්ථාවරය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එම ස්ථාවරය අද දින ප‍්‍රකාශ කරන බවට තමන් පොරොන්දු නොවූ බව ද කතානායකවරයා සදහන් කළා.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහන් කළේ 2015 ජනාධිපතිවරණයෙන් පසුව පත් කළ දින සියයේ ආණ්ඩුවේදී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධූරය හිමිවූ ආකාරයටම මෙවර ද එය ඒකාබද්ධ විපක්ෂයට හිමි විය යුතු බවයි.

මේ අතර රුපියල් බිලියන 2.7 ක පරිපූරක ඇස්තමේන්තුවක් අද ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Siyatha Top Story | 03:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post