News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

යාපනය ප‍්‍රදේශයේ අපරාධ වලට සම්භන්ධ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට.

300 Views


යාපනය ප‍්‍රදේශයේ අපරාධ වලට සම්භන්ධ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට.

යාපනය ප‍්‍රදේශයේ සිදුවු අපරාධ ක‍්‍රියා වලට සම්භන්ධ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සමග තියුණු ආයුධ හා යතුරු පැදි කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය කාල සීමාවේ යාපනයේ ප‍්‍රදේශ කිහිපයකින් පහර දීම් තර්ජනය කිරීම් වැනි සිදුවීම් වාර්තා වුණා. අපරාධ කල්ලි කිහිපයක් විසින් මෙම අපරාධ සිදු කරන බවට අණාවරණය වී ඇති බවයි පොලීසිය පැවසුවේ. මින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම් පාලනය කිරීම සදහා අපරාධ කි‍්‍රයා වලට සම්භන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මකකයිි.

යාපනය,මානිප්පායි,කෝපායි,චුන්නාකම් ප‍්‍රදේශ වල මෙම මෙහෙයුම් සිදු වනවා.මෙහෙයුම් සදහා එම පොලිස් ස්ථාන වල නිළධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර තිබෙනවා.

මෙම අපරාධ කි‍්‍රියා වලට සම්භන්ධ පුද්ගලයින් පිලිබද තොරතුරු වේ නම් ලබා දෙන ලෙස යාපනය ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පොලීසිය පැවසුවේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post