News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

රංජන්ට දෙන දඬුවම අධිකරණය අද දැනුම් දෙයි.

905 Views


රංජන්ට දෙන දඬුවම අධිකරණය අද දැනුම් දෙයි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දැනුම් දීමට නියමිතයි.

චෝදනා ආඥා කෙටුම්පත නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්නේ පසුගිය 30 වනදායි. ඒ අදාළ නඩුව එදින අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වන චෝදනා කෙටුම්පත්ආ ඥාව අධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවා.

පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා රංජන්රා මනායක මහතා ප‍්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන්ගෙන් හා රත්නපුර නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් බවයි.

මේ තුළින් නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණ පද්ධතියට බරපතළ අපහාසයක් සිදුකර ඇති බව පවසමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ‍්‍රාමික ගුවන්හ මුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් පැමිණිල්ලක් ගොනුකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post