News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.

483 Views


ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.

නීතිවිරෝධී ලෙස ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍ර සකස් කළ පුද්ගලයෙකු තලංගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරු තලංගම ප‍්‍රදේශයේ නිවසක සිට නීතිවිරෝධී ලෙස අන්සතු විදේශ ගමන් බලපත‍්‍ර ළග තබා ගනිමින් මෙම ව්‍යාජ ගමන් බලපත‍්‍ර සැකසීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කොරියාව ඉතාලිය ප‍්‍රංශය ඉන්දියාව සහ ඊශ‍්‍රායලය යන රටවල් සදහා සකස් කළ ව්‍යාජ ගමන් බලපත‍්‍ර 95 ක් භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙම සැකකරු 61 හැවිරිදි තලංගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post